ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ගන්න ගිය දරුවන් බඹර ප්‍රහාරයෙන් රෝහලේ


(අනුරාධපුර උපාලි ආනන්ද)         
හෙට (05) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැති අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 60කට ආසන්න පිරිසක් මීට මඳ වේලාවකට පෙර පදවිය මූලික රෝහලට ඇතුළත් කළ බව පදවිය පොලීසිය කියයි.


මෙලෙස බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ පදවිය ඒ යාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (04) පස්වරුවේ බෝධිපූජාවක් පැවැති අතරතුරය. බඹර ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තත්වයේ පසුවන සිසුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය මූලික රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව පදවිය මූලික රෝහල සඳහන් කරයි. හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි පදවිය මහසෙන් මහ විදුහලේ සිසු දරුදැරියන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.


බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් බහුතරයකට හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බවද පදවිය මූලික රෝහල වැඩිදුරටත් සඳහන් කරයි.