ශිෂ්‍යත්ව පන්ති ගිය දැරිය සැඩ පහරට හසුවී මරුට


(ප්‍රසාද් රුක්මල් )
 
ශිෂ්‍යත්ව අමතර පන්තියට ගොස්  මව සමඟ  නිවස බලා යමින් සිටි පස්සර මැදවෙලගම එගොඩගල  පාසල් සිසුවියක් සමඟ ඇගේ මව දියකදුරකින් එගොඩ වීමට යාමේදී සැඩපහරකට හසුව ගසාගෙන යාමෙන් දැරිය මියගොස් මව ගල්පරයක සිරවී දිවි බේරා ගෙන ඇතැයි පස්සර පොලිසිය පවසයි .

පස්සර මැදවෙලගම එගොඩගල පදිංචි මැදවෙලගම විදුහලේ  5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන  දිනිති නිම්සරනී (10)සිසුවිය මෙම අනතුරින් මිය ගොස් ඇත. 
 
මව පස්සර රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.