අද (29) විශ්‍රාම ගත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය සමුගැනීමේ නිල උත්සවයෙන් පසුව එහි පැමිණ සිටි මහෙස්ත්‍රාත්වරුන් සමඟ බොහෝ වේලා සුහදව කතා කළාය.
තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් ද ඔවුන්ට කීවාය.මාධ්‍යවේදීන් පිරිස අතරට පැමිණි අගවිනිසුරුවරිය ඔවුන් අමතා කියා සිටියේ ‘මට කවදාවත් මාධ්‍ය අමතක කරන්න බෑ.මම කරදර ගොඩකට මුහුණ දුන්නා.ඒ හැම අවස්ථාවකදීම මාධ්‍යවේදීන් මා එක්ක හිටියා.මම කනගාටු වෙනවා ඕගොල්ලෝ එක එක්කෙනාට පෞද්ගලිකව ස්තූති කරන්න අවස්ථාවක් නොලැබීම ගැන.ඒත් මට දුන්න සහයෝගය මම හැමදාම මතකයේ තියාගන්නවා. ඔයාලාට ගොඩක්ම ස්තූතියි.‘මාධ්‍යවේදීන් සමඟ සමූහ ඡායාරූපයක් ගැනීමටද ඈ අමතක නොකළාය.






