ශිරන්තිගේ කටඋත්තරේ කතානායක නිවසේදී


හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමක් අනුව අද (1) උදෑසන එහි පෙනී සිටීමට මිරිහාන නිවසින් පිටත් වූවාය.

සිරිලිය සවිය නමින් මහජන බැංකුවේ මරදාන සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගිය ගිණුමකට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැරකර ඇති බවට සැක සහිත ගනුදෙනුවක් සිදු කළ බව කියන පැමිණිල්ලකට  අනුව ප්‍රකාශයක් ලබාදීමට නියමිතව සිටියාය.

රාජපක්ෂ මහත්මිය මේ මොහොතේ කතානායක නිල නිවසේදී පොලිසියට කටඋත්තර ලබා දෙමින් සිටින බව එහි වාර්තා කියයි.

මාධ්‍යවේදීන් ඇතුළු පිරිස ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අසල රැඳී සිටියද ඇය කටඋත්තරය ලබාදීම සඳහා කතානායක නිල නිවසට ගිය බව කියති.

නිවසේ සිට රාජකාරියට යන බව කියන නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ද ශිරන්ති රාජපක්ෂ මහත්මිය නිවසින් පිටවන අවස්ථාවේ කාරය දක්වා මව සමග ගමන් කළේය. හමුදා සාමාජිකයකු නිල ඇඳුමෙන් තම නිවසේ සිටීමේ අයිතියක් ඇතැයි හමුදා ආරංචි කියයි.

යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයවීර මහතා කීවේ ඔහු නිවසේ සිටි බැවින් ඔහුට නිල ඇඳුම ඇඳ සිටීමේ ගැටළුවක් නැති බවයි.

1 2 3 6

ඡායාරූප - ශෙරෝන් සමරනායක

RDS_0139 RDS_0142 RDS_0173

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා