
( ටෝනි කරුණානායක )
රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (3) නියම කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා ඔවුනට එල්ල වී තිබේ.
එම චෝදනා සම්බන්ධයෙන් 03 වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීම සදහා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇති විවෘත වරෙන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුව ක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව ද පැමිනිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසිය .
මෙම නඩුවේ 04 වන සැකකරු ලෙස හිටපු පොලිස් නිලධාරි යෙකු වන නවරත්න ප්‍රෙමතිලක යන අයෙකු නම්කෙරුණි .
එම සැකකරුට විදේශ ගමන් තහනම් කළ අධිකරණ ය ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තු වට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සහ පොලිස් පරික්ෂක ඩී.ජේ.නිශාන්ත යන පොලිස් නිලධාරිහු පැමිණිල්ල මෙහෙය වුහ.

