ශාන්ත ඇලෝසියස් විදුහලට මුල් ඉනිමේ ජයක්


ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණී විද්‍යාලය අතර ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලුම්බිණී විද්‍යාලයේ යසිරි ගුණවර්ධන ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූ නමුත් ඔහුට තම කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය.

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම සියලු දෙනා දැවී 85
(නවිඳු මදුශාන් නොදැවී 17, තරුෂාන් ගයන්ත 7/2, මොහොමඞ් අක‍්‍රම් 18/3)

ලුම්බිණී විද්‍යාලය - පළමු ඉනිම කඩුලු සියලු දෙනා දැවී 76
(රසන් මන්නන් නොදැවී 18, රෂ්මික ධනංජය 21/2, යසිරි ගුණවර්ධන 35/4, ප‍්‍රමෝද් චතුරංග 15/3)

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - දෙවන ඉනිම කඩුලු 5 ක් දැවී 132
(දිල්රුක් අෂාන් 56, නිලූපුල් සමරකෝන් නොදැවී 35, උදයංග ජයසූරිය 19)