(මනෝප‍්‍රිය ගුණසේකර)
උසස්වීම් ලැබු විනිසුරුවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ සිය තනතුරුවල අද (15) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන්ද අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ පී‍්‍රතී පද්මන් සුරසේන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ දිවුරුම් දුන්හ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එල්.ටී.බී. දෙහිදෙණිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වශයෙන් පත් කිරීම නිසා ඇති වු පුරප්පාඩුව වෙනුවෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයක් ලෙස කටයුතු කළ පී‍්‍රතී පද්මන් සුරසේන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් මෙලෙස උසස්වීම් දෙන ලද්දේ ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් වී තිබු මෙම මහත්වරුන්ගේ නම් පිළිබඳ යෝජනාවන්ට එම සභාව අනුමැතිය ලබාදීමෙන් පසුවය.



