ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුගෙන් පොලිසියට ප්‍රකාශයක්


35 හැවිරිදි ගෘහ සේවිකාවට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගෙන් පොලිසිය ප්‍රකාශයක් ලියා ගැනීම ඇරඹුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පුවත්පතක පළවූ දැන්වීමක් අනුව පසුගිය 15 වැනිදා සේවයට ආ මෙම සේවිකාවගේ පපුවේ සීරීම් තුවාල ඇතැයිද පිස්තෝලයකින් පහරදී ඇතැයිද කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ඇගේ ප්‍රකාශයේ සඳහන් වේ.

පසුගිය 27 වැනිදා විනිසුරුවරයාගෙන් මුල් කටඋත්තරය ගෙන ඇතැයිද අද (29) ලියා ගැනෙනුයේ එම කටඋත්තරය බවද පොලිසිය පවසයි.

එම නිවසේ තවත් ගෘහ සේවිකාවකගෙන් කටඋත්තරයක්ද ලියාගෙන ඇත. සරත් ආබෘෘ අත් අඩංගුවට ගැනීමක් සිදුවිය නොහැකි බවත් ඔහුගේද පැමිණිලිකරුවන්ගේද සාක්කිකරුවන්ගේද ප්‍රකාශ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.