ශ්‍රීලනීප ආණ්ඩුවකට ජනාධිපති එකඟ වුණා -ගම්මන්පිල


(බිඟුන් මේනක ගමගේ)

ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවල එකඟතාව අනුව නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැති ධූරයට පත් කෙරෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

පිහිටුවීමට නව ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන සහයෝගය තහවුරු කරන්නැයි ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා සිටි නමුත් එය එසේ වීමට නම් අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටියේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීමට එකඟ නොවන බැවින් ඇමැතිකම් ලබා නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේ යැයි ද ඔහු කීය.