අජන්ත කුමාර අගලකඩ
නිලධාරී මණ්ඩලය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබේ.
එම ප්‍රතිසංවිධානය සිදු කරන ආකාරය ගැන ලබන මැයි අට වැනිදායින් පසු රැස්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා හට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට අද ජනාධිපතිවරයා අවසර ලබා දුන්නේය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රී අටට පමණ ආරම්භ වූ අතර එය රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවැත්විණි. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පැවැත්විණි.