(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල ඉදිරියේදී දිවුරුම් දෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇමති ධුර බාර ගත් අයට එරෙහිව පක්ෂයෙන් මෙතෙක් විනය පරීක්ෂණ කැඳවා නැතැයිද ඔහු කීවේය.
මන්ත්‍රීවරුන් කීපදෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය
මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය
" මම හිතන්නේ නැහැ අපට විනය පරීක්ෂණයක් හෝ ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. පක්ෂයේ සභාපති තුමා දන්නවා අපේ තිබෙන වැදගත්කම. එතුමාට වැටහීමක් තියෙනවා. මම හිතන්නේ නෑ එතුමා මේ පක්ෂය කඩාගෙන යන්න කටයුතු කරයි කියලා."