(නාලක සංජීව දහනායක)
අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වේ.
තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා ලංකාදීපයට පැවසීය.
ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 මන්ත‍්‍රී කණ්ඩායම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක ආර්.සම්පන්ධන් යන මහත්වරුන් සමඟද සාකච්ඡා කළහ.