ශ්‍රීලනිපයට නව න්‍යායපත්‍රයක්


නිමල කොඩිතුවක්කු
 
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත‍්‍රයක් සකස් කරන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඞී ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට අද පැවසීය.
 
ජාතික ආණ්ඩුව පවත්වගෙන යාම ඇතුළු වැදගත්  දේශපාළන තීන්දු තීරණ රැසක් මේ වසරේදී දී ගැනීමට නියමිත බවත් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ  පිළිබද තීරණයක් ගන්නා බවත් ඔහු කියා සිටියේය.
 
ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සහ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම 2018 වසරේ තම ඉලක්කය බවද      ඒ මහතා පැවසීය.
 
තනි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට තිබූ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයේ පසුපෙළ කිහිපදෙනෙකුගේ  විරෝධය නිසා අසාර්ථක වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.