ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කරගන්නා ලදි. ඔවුන්ට  පත්වීම් ලිපි අද(16) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ප්‍රදානය කෙරිණ.

මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සහ වයඹ මහ අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුද එක්ව සිටියහ.

එම්.එස්.එම්. සකාවුල්ලාහ් මහතා මීගමුව ආසනයේ සම සංවිධායක ලෙස පත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස ඩී.ආර්. ඉන්දු ගුණතිලක, එම්. නිහාල් විජයානන්ද සහ ජී.කේ උපාලි චන්ද්‍රසේන යන මහත්වරුන් පත්කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස ක‍ෂත්‍රිය රාජපුත්‍ර වීරසිංහ මහතා සහ මහින්ද බණ්ඩාර බක්මීවැව මහතා පත්කර ඇත.

මාතර දිස්ත්‍රික් සංවිධායක ලෙස අනිල් චන්ද්‍රනාත් වීරමන් මහතා පත්කරන ලදි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස වයි.ජී. බන්දුල සරත් කුමාර මහතා පත් කළේය.

 
 

( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )