(නිමල කොඩිතුවක්කු)
පළාත් පාළන ආයතන 93ක් සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය හෙට(7) ඇප මුදල් තැන්පත් කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
සියලූම පළාත් පාලන ආයතනවලට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයකින් තරග කරන බවද ඒ මහතා සදහන් කළේය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ අද(6) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
සෙසු පළාත් පාළන ආයතන සදහාද ගැටලූ නිරාකරණය වූ විගස ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

