ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අද පැවැති ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කළ බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා මැති ඇමැතිවරුන් හා අනුබද්ධ සංවිධානවල සහභාගීත්වයෙන් පදනම් ආයතනයේ දී එම විශේෂ හමුව පැවැත්විණි.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී බී ඒකනායක සහ ඩිලාන් පෙරේරා මහත්වරු පත් කරනු ලැබ සිටිති.

