ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේ දී පොළොන්නරුව පැරදුණු නිසා එහි නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අස් විය යුතු යැයි හොරණ ශ්‍රීලනිප සංවිධායක විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ තම ජයග්‍රහණයට සහයෝගය දුන් පිරිසක් හොරණ ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයේ හමු වූ අවස්ථාවේ දී ය.
‘කළුතර දිස්ත්‍රික්කයේ ලොකු ලොකු අය යැයි කියා ගන්නා පිරිස් සිටියත් සන්ධානය වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්තේ හොරණ මැතිවරණ බල ප්‍රදේශයෙනුයි. කාටවත් මකන්න බැරි විදියට අපි හොණ රන් අකුරින් ඉතිහාසයේ ලියනවා.
දැන් ජාතික ආණ්ඩුවක් ගැන කතා කරනවා. අපේ ප්‍රතිපත්තිමාලාවේ ජාතික ආණ්ඩු ගැන තිබුණෙ නෑ.
ඇමැතිකම්වලට කෑදර අය ජාතික ආණ්ඩුවට යනවා. අපි යන්නේ නැහැ. ජනතාවගේ ගෞරවය මම රකිනවා.‘

