ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්


(අජන්ත කුමාර අගලකඩ)

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා වෙත අද (06) පස්වරුවේ විශේෂ සංදේශයක් බාර දුන්හ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා වෙත මෙම විශේෂ සංදේශය බාරදී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ විරෝධී පිරිස සමඟ පුළුල් ප්‍රගතිශීලි සන්ධානයකට එළැඹෙන්නැයිද එහි නායකත්වය ගන්නැයිද ඔවුන් සිය සංදේශය මගින් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල, මොහාන්ලාල් ග්‍රේරු, ශාන්ත බණ්ඩාර සහ ශ්‍රීයානි විජේවික්‍රම යන මන්ත්‍රීවරු සංදේශය බාරදීමේ අවස්ථාවට එක්වූහ.

(ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය)