ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අගෝස්තු 24 තෙක් බෑ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති   මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවසරයකින් තොරව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීම වලක්වන අතුරු නියෝගය අගෝස්තු 24 වැනි දා තෙක් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

මධ්‍යම කාරක සභික සහ කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා අතුරු නියෝගය පතා නඩු පැවරීය.