ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක් 3 වැනිදා


(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එන මස (3) වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට ද නියමිතව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සහ ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ද ගිය සතියේ පැවැති අතර ජනාධිපතිවරයා එහිදී අන්දොලනාත්මක ප්‍රකාශයක්ද කර තිබිණි.

ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතා ප්‍රකාශයක් කර පිටට යාමෙන් පසුව රැස්වීමේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇතිවී තිබේ.