ශ්‍රීලනිප පිරිසක් ආණ්ඩුවේ : පිරිසක් විපක්ෂයේ


ජාතික ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමති මන්ත්‍රීන්ට ආණ්ඩුවට සම්බන්ධ විය හැකි බවත්, අකමැති අයට කල්ලි නොගැසී විපක්ෂයේ සිටිය හැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනපති හා ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර  පැවැති සාකච්ඡාවේදී ජනපති ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි කියයි.

ඒ අනුව ශ්‍රීලනිපයේ පිරිසක් ජාතික ආණ්ඩුවට සම්බන්ධ වීමට ද, තවත් පිරිසක් විපක්ෂයේ සිටීමට ද කථිකා කර ගත් බව දැනගන්නට තිබේ.