නාලක සංජීව දහනායක
සක‍්‍රයාගෙන් වරමක් ලැබුණහොත් පමණක් ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහලේකම්වරයාට හැකියාව ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (4) පැවැසීය.
කණ්ඩායම් කිහිපයකට පක්‍ෂය කැඩී තිබෙන මොහොතකදී හිටපු මහලේකම්වරයා ඉවත්කර දින 45 කාලයක් සඳහා නව මහලේකම්වරයකු පත්කර ගැනීම හිසේ ඇම්මට කොට්ටය මාරුකිරීම වැනි ක‍්‍රියාවක් යැයිද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රවරයා මෙසේද කීය.
මේ අලූත් මහලේකම්වරයා ගැන අපිට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය සාර්ථක කරගන්න දවස් 45ක් සඳහා මෙම පත්කිරීම සිදුවූ බව ශ්‍රී.ල.නි.ප.ය පවසනවා. මේ වනවිට පක්‍ෂය කණ්ඩායම් කිහිපයකට කැඩිලා. මේ අය එකට එකතු කරගෙන සාර්ථක ගමනක් යන්න මහලේකම්වරයාට හැකියාවක් තියෙන්න ඕනෑ. කොළඹ ඉඳගෙන ප‍්‍රතිසංවිධාන කටයුතු කරන්න බැහැ. ජනමතයට බයවෙලා කොළඹට වෙලා ඉඳගෙන ප‍්‍රතිංසවිධාන කටයුතු කරන්න බැහැ. සැබෑ ප‍්‍රතිසංවිධානය මොකද්ද කියලා බලාගන්න මහලේකම්වරයා ගමට යායුතු යැයිද කීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.