ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෝ මහවැලි කේන්ද්‍රයේ දී අද (10) උදේ නාමයෝජනා අත්සන් කිරීම ඇරැඹූහ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ, බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත්, මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් නාමයෝජනා අත්සන් කිරීමට පැමිණ සිටිති.
එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඇතුළට යෑමට ඉඩ නොදෙන ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීයැයි ආරක්ෂකයෝ කියති.
ගේට්ටුව වසා ඇති නිසා මාධ්‍යවේදීහු මහවැලි කෙන්ද්‍රය අසල පාරේ සිටිති.
ප්‍රසන්න රණතුංග මහතාගේ ඡායාරූප ශිල්පියාට හා තවත් ඡායාරූප ශිල්පියකුට පමණක් ඇතුළට යෑමට අවසර ලැබිණි.








