ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයෝ පත් කෙරෙති


 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් නව දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සිදු කෙරිණි.
 
ජනාධිපති කාර්යාලයේ දී,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ  අතින් නව සංවිධායකවරු නව  පත්වීම් ලිපි ලබා ගත්හ.
 
පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර, ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද නව සංවිදායකවරුන්ට ජනාධිපතිවරයා  මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය. 
 
 
එම නව සංවිධායකවරුන් පහත පරිදි වේ

 

01- බදුල්ල දිස්ත්‍රික්කය - නිමල් සිරිපාල ද සිල්වා මහතා‍

2- මහනුවර දිස්ත්‍රික්කය - එස්.බී. දිසානායක මහතා

03- හම්බන්තොට දිස්ත්‍රික්කය - මහින්ද අමරවීර මහතා

04- කළුතර දිස්ත්‍රික්කය - මහින්ද සමරසිංහ මහතා

05- කුරුණෑගල දිස්ත්‍රික්කය - නීතිඥ දයාසිරි ජයසේකර මහතා

06- අනුරාධපුර දිස්ත්‍රික්කය - දුමින්ද දිසානායක මහතා

07- කෑගල්ල දිස්ත්‍රික්කය - රංජිත් සියඹලාපිටිය මහතා

 08- ගම්පහ දිස්ත්‍රික්කය - ලසන්ත අලගියවන්න මහතා

09- මාතලේ දිස්ත්‍රික්කය - නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා

10- කොළඹ දිස්ත්‍රික්කය - තිලංග සුමතිපාල මහතා  

11- ගාල්ල දිස්ත්‍රික්කය - ශාන් විජයලාල් ද සිල්වා මහතා

12- මාතර දිස්ත්‍රික්කය  - ඩී. විජය දහනායක මහතා

13-අම්පාර දිස්ත්‍රික්කය - නීතිඥ ශ්‍රීයානි විෙජ්වික්‍රම මහත්මිය

14-මඩකලපුව දිස්ත්‍රික්කය - එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා

මඩකලපුව දමිළ නියෝජනය - ගුණරත්නම් හරිදරන් මහතා 

15-යාපනය /කිළිනොච්චි දිස්ත්‍රික්ක - අංගජන් රාමනාදන් මහතා

16-වන්නි දිස්ත්‍රික්කය (මන්නාරම, මුලතිව්, වව්නියාව)- කේ. කාදර් මස්තාන් මහතා

17-නුවරඑළිය දිස්ත්‍රික්කය -  ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා

18- රත්නපුර දිස්ත්‍රික්කය - අතුල කුමාර රාහුබද්ද මහතා

19- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - ඩබ්ලිව්.ජී.එම්.එම්. ආරියවතී ගලප්පත්ති මහත්මිය.

 

(36698)