“ජනාධිපතිවරණය පාව්චි කළා දිමූ ජයරත්න අගමැති ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න. දැන් පළාත් පාලන මැතිවරණයෙදි පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා. “ යයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.
එජාපය විපක්ෂයේ ඉන්දි දිනපු තැනුත් මේ පාර පරාදයි. පොළොන්නරුවත් පරාදයි. පළමු වැනියා ගත්තු ගණනට වඩා දෙක, තුන, හතර ගත්තු අය ගත්ත ගණන වැඩියිලු. මේ ප්‍රාථමික තර්ක දාලා පරාජයේ හෙළුව වහගන්න එපා.
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි ඔය තනතුරුවලට ඔබට ඉන්න බෑ. ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 13ට බස්සපු නායකයාට දැන් එහි අයිතියක් නෑ. මේ ආණ්ඩුවට මෙහෙම යන්න කිසිම අයිතියක් නෑ. ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
ජනවරමක් නැති ආණ්ඩුවකට රට ගැන තීරණය ගන්න අයිතියක් නෑ. අද රුපියල කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොල කඩාගෙන වැටෙනවා. තමුන්නාසේලා කාලා ඉවරවුණාම මේ රට බේරගන්න අමාරුයි. පවු නොදී තවදුරටත් වාචාලකං කියවන්නේ නැතිව කරුණාකරලා අඩුගණනේ ඇඳිවතවත් බේරාගෙන යන්න පුළුවන්.‘
රාජිත සේනාරත්න ඇමැතිවරයා හා විමල් වීරවංශ මහතා අතර උණුසුම් වාග් හුවමාරුවක් ඇති විය. දත් ගලවා නැව් ගත්තු නැව්පතියා ආදී දෑ කියමින් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න මහතාට චෝදනා කළේය.