අංජුල මහික වීරරත්න
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග 16ක් පාර්ලිමේන්තුවේදී හෙට (6) කථානායකවරයාට බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
අමාත්‍ය ධූර වල වරප්‍රසාද භුක්ති විඳිමින් එම ඇමති වරුන්ට තව දුරටත් රජයේ පාර්ශ්ව කරුවන් ලෙස කටයුතු කරන්නට සදාචාරාත්මක අයිතියක් නොමැති බව කී මන්ත්‍රීවරයා විශ්වාසභංග සඳහා මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අත්සන් කර තිබෙන බවද කීය.
රෑට විජේරාම මාවතේත් උදේට මහගමසේකර මාවතේත් කකුල් තබා ගෙන සිටින පිරිසක් සමඟ තව දුරටත් එකට ආණ්ඩු කරන්නට තමන්ට විශ්වාසයක් නැති හෙයින් මෙම විශ්වාසභංග 16 බාර දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති පිරිසක් ආණ්ඩුවේ තබාගෙන සිටීම සුදුසු නොවන බව විශ්වාසභංගයෙන් අවධාරනය කර ඇතැයිද රහුමාන් මහතා කීය.
ශ්‍රීලනිප 16කට එරෙහිව එජාපෙන් විශ්වාසභංග
Recommended Articles