(රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ඩයනා උදයංගනී )
ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා සභාව ආරම්භ වීමට පෙර සභාව මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගත්හ.
විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරු පිටව යද්දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හූ හඬ නඟමින් කෑ කෝ ගැසු අතර ඒකබද්ධයේ මන්ත්‍රීවරු විසින් ඔවුන්ව අත්පොළසන් නාදයෙන් යුතුව හරසරෙන් පිළිගනු ලැබුහ.
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
( ඡායාරූප - ශාන්ත රත්නායක)