ශ්‍රීලනිප 16 කණ්ඩායමෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්


සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයයක් ඉදිරිපත් කර ඇත.
 
ජන ජීවිතයට බලපාන ප්‍රධාන විෂයයන් 21ක් මුල්කරගෙන එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ බව හිටපු  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
 
16 දෙනාගේ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට බලපෑ හේතු කාරණා ද ඊට ඇතුළත් වන බව හිටපු ඇමැතිවරයා කීය.
 
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් රට පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ප්‍රේමජයන්ත් මහතා කීවේය.