ශ්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ධය සමඟ වැඩ කරන්න යයි


නිමල කොඩිතුවක්කු
       
තම කණ්ඩායමේ 16 දෙනාට ඒකාබද්ධ විපක්ෂයත් සමඟ  සන්ධාන ගතව ඉදිරියේදී එකට වැඩ කිරීමට සිදුවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

 
2020න් පසුව දේශපාලනයේ නිරත වන බවට ජනාධිපතිවරයා පැවසුවද ඒ සම්බන්ධයෙන් තම කණ්ඩායමේ මතය දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.
 
තම කණ්ඩායමේ පිරිස සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ස්ථාවරයකට එළැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.