ශ්‍රීලනිප 16 අස්වීමෙන් ආණ්ඩුව පිරිසිදුවුණා - නලීන් බණ්ඩාර


(අංජුල මහික වීරරත්න)
 
මාතෘ භූමියට ආසිරි වැසි ඇද වැටී සොබාදහමත් පෙන්නුම් කරන්නේ අත්තෙන් අත්තට පනිමින් සිටි “චොහොර කුරුල්ලන්” 16 දෙනා ආණ්ඩුවෙන් ගිය සතුටයැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා  පැවැසීය.

 
මහා වැසි ඇද වැටීමෙන් මව් බිමේ කිළිකුණු සේදී යන්නා සේම ආණ්ඩුවට පිළිලයක් වු 16 දෙනා ධුරින්භුත වීමෙන් ආණ්ඩුවේ කිළි සේදී ගිය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
පිළිකා සෛල ඉවත් වු බැවින් දැන් නව ජවයකින් නැගී සිට ඉදිරි ගමනක් යන්නට ආණ්ඩුවට හැකි වන බවද මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.