ශ්‍රීලංකන්- මිහින් ලංකා වංචා සොයන්නත් ජනපති කොමිසමක්


ලහිරු හර්ෂණ

ශ්‍රී ලංකන් එයාලයින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අත්සන් තබා තිබේ.
 
එම ගැසට් නිවේදන දෙක අද රාත්‍රී නිකුත් වීමට නියමිතය.
 
ප ඬුවස්නුවරදී දැන් පැවැත්වෙන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. ‘මම දැන් එන්න කළින් වැඩක් දීලයි ආවේ. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගැන ජනාධිපති කොමිසම පිහිටුවන ගැසට්පත්‍රයට අත්සන් කරලයි ආවේ.‘ යැයි ජනාධිපතිවරයා කීවේය.