(චතුර එස් කොඩිකාර)
ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගේ 74 වැනි ගුණානුස්මරණ උත්සවය මහාභාරකාර දෙපාර්තමේන්තු භූමියේ ස්ථාපිත කර ඇති ඒ මහතාගේ පිළිරුව අසල දී පැවැත්විණි .
තමා සතුව පැවැති දේපළ අතරින් වටිනාම දේපල ලෙස සැළකෙන කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පර්චස් 30 පමණ ඉඩම හා එහි පිහිටි නිවස අන්තිම කැමති පත්‍රයක් මගින් පවරමින් මහා භාරකාර දෙපාර්තමේන්තුව ආරම්භ කරනු ලැබුයේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා විසිනි.
කථානායක කරු ජයසූරිය , අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල , මහා භාරකාර වන අධිනීතිඥ ,සොලිසිටර් , බැරිස්ටර සහ ෆීජි ජනරජයේ හිටපු මහාධිකරණ විනිසුරු සනත් වීරරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.
මෙම අවස්ථාවට ඩී.බී ජයතිලක මහතාගේ පවුලේ සාමජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මහාභාරකාර සංකල්පය ශ්‍රී ලංකාව පවතින තාක් මහාභාරකාර දෙපාර්තමේන්තුව මෙම නිවසේ පවත්වාගෙන යා යුතු බවත් මෙම වටිනා දේපළ කිසිම අවස්ථාවක විකුණා නොදමන ලෙසත් , ඩී.බී. ජයතිලකයන් සිය අන්තිම කැමති පත්‍රය මගින් ඉල්ලීමක් කර ඇති අතර අක්කර අසූපහක් වු දොඩම්ගස්ලන්ද පිටකන්ද පොල් වත්තද අන්තිම කැමති පත්‍රයක් මගින් මහාභාරකාරවරයා සතු කරඇත.