(රංජිත් රාජපක්‍ෂ)
ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට ඉදිකටුපාන දක්වා කොටසක් අඹගමුව ප‍්‍රාදේශිය සභාවෙන් ඉවත් කර මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට ලබා දීමට එරෙහිව ජනතාව දැනුවත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් කිරීම සදහා මහජනතාවගෙන් අත්සන් ලබාගැනිමේ වැඩ සටහනක් අද (25) ගිනිගත්හේන බස් නැවතුම්පොළේදි සිදු කෙරිණ.
කන්ද උඩරට ප‍්‍රගතිශිලි ජනතා ව්‍යපාරය මගින් සංවිධානය කර තිබු මෙම වැඩ සටහනේදි අදහස් දැක්වු එම ජනතා ව්‍යපාරයේ සභාපති හෙලපි‍්‍රයනන්දරාජ මහතා කියා සිටියේ සීමා නිර්ණයේදි බෞද්ධ උරුමය වු ශ්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශිය සභාවෙන් ඉවත් කර එය මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට ලබා දිමට එරෙහිව තවදුරටත් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බවයි.





