ශ්‍රීපාද බාරකාර හිමිට ඇප


ශ්‍රීපාද පද්මයට වීදුරු සෑයක් තැනීමට රුපියල් 23 ලක්ෂයක් එකතු කිරීමට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි ශ්‍රීපාදයේ බාරකාර දම්පහළ ශිලානන්ද නාහිමියන් රුපියල් තුන්දහක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කළාය. චන්න ගලප්පත්ති හා මනීෂ් සෙනෙවිරත්න යන නීතිඥවරුන් විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ශීලානන්ද නාහිමි මුදා හැරියාය.