ශ්‍රීපාද බාරකාර හිමි ඇප කොන්දේසි වලින් නිදහස්
ශ්‍රීපාදයට වීදුරු සෑයක් තැනීමට මුදල් එකතු කළැයි කියන සිද්ධිය ගැන සැකපිට ඇපමත සිටි ශ්‍රීපාදස්ථානයේ බාරකාර දම්පහළ ශිලානන්ද නා හිමියනට පනවා තිබූ ඇප අවලංගු කළ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය ලබන 25 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙසට නියෝග කළාය. රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේ නා හිමියනට විරුද්ධව කිසිම චෝදනාවක් නැති බැවින් ඉදිරි පරීක්ෂණවලට යටත්ව නාහිමියන් නිදහස් කිරීමට විරුද්ධ නොවන බවයි. නා හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්න ගලප්පත්ති මහතා පැවැසුයේ ඒ අනුව ඒ හිමියන් නිදහස් කරන ලෙසයි.

