සුජිත් හෙවාජුලිගේ
ශ්‍රි ලාංකිකයන් 94 දෙනෙකු ගිය වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අත හැර ඇත.
වෙනත් සමහර රටවල පුරවැසිභාවය ගැනීමේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අත් හැරීමට සිදුවන හෙයින් මෙලෙස කටයුතු කර තිබෙන බව ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
මේ අතර විදේශ රටවල ජීවත්වන ලාංකිකයන් 10648 දෙනෙකුට ගිය වසරේදී ද්විත්ව පුරවැසි සහතික පත්‍ර ප්‍රධානය කර ඇතැයි ද ආගමන විගමන පාලකවරයා ප්‍රකාශ කළේය.