(අසුන්තා එදිරිසුරිය)
විශ්වීය සෞඛ්‍ය ආවාරණය සඳහා වන සේවා ප්‍රතිපත්තියක් 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
රුපියල් කෝටි 3000 ක ලෝක බැංකු ආධාර යටතේ පස් අවුරුදු සැලැස්මක් ලෙසට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනග්‍රහණයෙන් 20,000 කට එක් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය බැගින් ආරම්භ කිරීමට නියමිත අතර ප්‍රාථමික සහ ද්විතික මට්ටමින් දැනට පවතින රෝහල්වලට නවීනතම තාක්ෂණය මගින් සේවා සැපයීමට නියමිතය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.