ව්‍යාජ වීසා භාවිතා කොට ඉන්දියාවට යෑමේ චෝදනා මත මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගෙන තමිල්නාඩුවේ තිරුචි හි විශේෂ කඳවුරක රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයකු තමන් නිදහස් කොට නැවත දිවයිනට යෑමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කර දෙන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඔහු හසන් මොහොමඞ් නමැත්තෙකි. තමාගේ දඬුවම් කාලය අවසන් වී තිබෙන බැවින් නිරපරාදේ රඳවා සිටින තමන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා පෙරේදා (30) සිට මෙම උපවාස ආරම්භ කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
තිරුචි විශේෂ රැඳවුම් කඳවුරේ නිලධාරීන් මෙම උපවාස ක‍්‍රියා මාර්ගය සම්බන්ධයෙන් තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ බලධාරීන් දැනුම්වත් කර ඇත.

