ශ්‍රී ලාංකික ධීවරයන්ට ජාත්‍යන්තර මුහුදේදී පහර දෙති


(ඉන්දිකා රාමනායක)
 
ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු වල  නිරත මෙරට බහුදින යාත‍්‍රා 10 ට විදෙස්  නෞකාවල සිටි පිරිසක් පහර දීමෙන්  ධීවරයින් තිදෙනකු තුවාල ලබා ඇති බව සමස්ත ලංකා බහුදින යාත‍්‍රා හිමියන්ගේ සංගමය පවසයි.
 
මෙම ධීවරයින් පිරිස  සීසෙල් දුපතට  ආසන්න පහළ කොටසේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී  ඊයේ (23)  මෙම සිද්ධියට  මුහුණ පා ඇති බව   එම සංගමය අද (24) මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක සඳහන් වේ.

මෙම නෞකා ශ්‍රී ලංකාව  මුහුදු සීමාව වෙත ගමන් ගත් නෞකා බවත්  එහි සිටි පිරිස යකඩ කෑලි වලින්   මෙම පහරදී ඇති බවද  සංගමය සඳහන් කරයි. මෙම පහරදීම් දිගින් දිගටම සිදුකරන බවත්  මෙම තත්ත්වය  වළක්වා ගැනීම සදහා  පැමිණිලි කිරීමට තීරණය කළ බවද  සංගමය වැඩිදුරටත් පවසයි.

 
මෙම පහර දීම් සම්බන්ධයෙන් ධීවරයින් වෙන්නප්පුව, කළුතර, මාරවිල යන පොලිස් ස්ථානවලට  පැමිණිලි කර ඇත.