(චන්දන ප‍්‍රනාන්දු )
ඉතාලියේ සිසිලි දූපතේ රැකියාවක නිරතව සිටි ශ‍්‍රිලාංකික කාන්තාවක් එරට ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප‍්‍රසූත කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.
දරුවෙකු ලැබීමට ආසන්නව සිටි ලාංකික කාන්තාව හා ඇගේ සැමියා සිසිලි දූපත් සමූහයට අයත් වුල්කානෝ නැමති දූපතේ සිට සිසිලි දුපතේ මෙසිනා රෝහලට යාමට සුදානම්ව සිටියදි එම කාන්තාව දරු ප‍්‍රසුතියට ලංවීම නිසා එරට ක‍්‍රියාත්මක හෙළි ඇම්බියුලන්ස් සේවාව මගින් රෝහල කරා ගෙනයාමට ගුවන්යානා අංගනයට පැමිණ සිටියදි මෙම දරු උපත සිදු වි ඇති බව එරට ආරංචි මාර්ග පවසයි .
හෙළි ඇම්බියුලන්ස් සේවාවේ හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩලය දරු ප‍්‍රසුතිය සඳාහ අවශ්‍ය කටයුතු කර ඉතා ඉක්මනින් එහි තිබු ගුවන් යානයක් මගින් දරුවා හා මව මෙසිනා නුවර පපාර්දෝ රෝහලට ඇතුල් කර තිබේ .
ලාංකික දරුවා හා මව සුවෙන් සිටින බව එරට ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය .
එරටදි ගුවන් යානා අංගනයකදි දරුවෙකු ප‍්‍රසූත කළ පළමු අවස්ථාව මෙය වන බවත් ඉතාලි ජාතික හෙද හා වෛද්‍ය කණ්ඩායම විදේශිකයෙකු වුවත් ශ්‍රී ලාංකික කාන්තාවට එය නොසලකා ඉතා හොඳ සේවාවක් සැලසු බව එරට ආරංචි මාර්ග පවසයි.