ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි


හර්ෂණ තුෂාර සිල්වා

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපතිවරයාට බාරද දී ඇතැයි වාර්තා වේ.

සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද (7) එම සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට බාර දී ඇතැයි තවදුරටත් වාර්තා විය. 

‘ශ්‍රී ලන්කන් එයාර්ලයිනස්’ සමාගමේ සිදු කෙරෙන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට සහාය දීමක් ලෙසින් ඔහු එලෙස ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට අජිත් ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබිණි. එහෙත් සුරේන් රත්වත්තේ මහතා අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. 

ඉන්පසු මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරුණි.   

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවටද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.