මහින්ද නිශ්ශංඛ
ඉන්දියාවේ පරීක්ෂණ ගුවන් ගමනක් නිසා හෙට දින එරට ගුවන් සීමාව තහනම් කරන බැවින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් 18ක කාලය ද වෙනස් කරන බව එම සමාගම කියයි.
මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් 18ක කාලය එලෙස වෙනස් වීමට නියමිතය.
මෙම වෙනස්වීම් හෙට (27) දිනයට පමණක් බලපැවැත්වෙන බව එම සමාගම පවසයි.

