ශ්‍රී ලංකාවේ විකිරණශීලිතාව සම්බන්ධයෙන් ගුවන්ගත සමීක්ෂණයක්


(බිඟුන් මේනක ගමගේ )

ශ්‍රී ලංකාවේ විකිරණශීලීතාව සම්බන්ධයෙන් ගුවන්ගත සමීක්ෂණයක් ලබන වසරේ සිදුකරන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව කඳුකර ප්‍රදේශවලදී හෙලිකොප්ටර් හා තැනිතලා ප්‍රදේශවලදී ගුවන් යානා ආධාර කරගෙන මෙම සමීක්ෂණය සිදුකෙරෙන්නේ යැයි එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පවසයි.

සමස්ත ලංකාවම ආවරණය වන පරිදි දත්ත ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබෙන්නේ යැයි කී හෙතෙම මෙරට විකිරණශීලී ඛනිජවල ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යයනය කිරීමට එයින් අවස්ථාව ලැබෙන්නේ යැයි ද කීවේය.

ආර්ථික වශයෙන් ඵලදායී විකිරණශීලී ඛනිජ සම්පත් අඩංගු ප්‍රදේශ හඳුනාගැනීම මෙහි මූලික අරමුණක් යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.