හර්ෂණ තුෂාර සිල්වා
දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 141 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
‘ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය 2017’ ඉකුත් දා ප්‍රකාශයට පත් කරන ලද එහිදි රටවල් 180ක් අතරින් 141 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් ව ඇත. ශ්‍රී ලංකාව 2016 වසරේදී 141 වැනි ස්ථානයේ පසුවිය. ගෝලීය ලකුණු ලබාගැනීම් 0.62ක අඩු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව 2016 වසරේදී ලකුණු 44.96ක් ලබාගෙන ඇති බවත් මේ වසරේදී ලකුණු 44.34ක් වාර්තා කරමින් යම් දශම ගණනක ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ.
මාධ්‍ය නිදහස, ස්වයං-වාරණය, බහුත්වය, පරිසරය, ව්‍යවස්ථාදායක රාමුව, විනිවිදභාවය, යටිතල පහසුකම් යනාදී මූලික කරුණු මත පදනම්ව ඉදිරිපත් කරන ප්‍රශ්නාවලියක් ඔස්සේ මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි. භාෂා 20ක් යටතේ ප්‍රශ්න 87ක් ඉදිරිපත් කරමින් ලොව පුරා දත්ත එක්රැස් කරමින් මෙම දර්ශකය සකස් කරයි. ප්‍රශ්නාවලියට දෙන පිළිතුරු අනුව 0 සිට 100 දක්වා ලකුණු දීමක් කෙරෙන අතර ලකුණු 0 යනු මාධ්‍යවේදීන් රට සඳහා සුදුසුම රට වන අතර ලකුණු 100 යනු මාධ්‍ය නිදහසක් ඇත්තේම නැති රටය.
මෙවර ලැයිස්තුවේ මුල් තැනට පත්ව ඇත්තේ ලකුණු 7.60 ලබා සිටින නෝර්වේ රාජ්‍යයි. ලකුණු 8.27ක් ලැබූ ස්වීඩනයත් ලකුණු 8.92ක් ලැබූ ෆින්ලන්තයත් මෙම දර්ශකයේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබා තිබේ. ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, කොස්ටරිකා රාජ්‍යය, ස්විට්සර්ලන්තය, ජැමෙයිකාව, බෙල්ජියම සහ ඕස්ටි්‍රයාව පිළිවෙළින් මෙම දර්ශකයේ සිව්වැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා පත්ව තිබේ.

