( තිළිණි ද සිල්වා )
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද භාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා කියා සිටියි.
එසේම එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකි බවද හෙතෙම පවසයි.
මෙම නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර දෙකකින් පමණ වැඩි වී ඇති බව උදයකාන්ත මහතා සඳහන් කළේය.
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද (31) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත බාරදීම ද මිනුම්පති ජනරාල් විසින් සිදු කරන ලදී.
කොළඹ අලූතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 2 කින් වැඩි වී ඇති අතර එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කර තිබේ.
නව ලංකා සිතියමේ 1:50000 පරිමාණයේ මුද්‍රිත පිටපත් ලබන මාසයේ මැද වනවිට ජනතාවට මිලදී ගත හැකි බව ද මිනුම්පති කියා සිටියේය.
ඡායාරුප - ගයාන් අමරසේකර