ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට යුරෝපා සංගම් සහාය


 
(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, මහජන තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අවස්ථාව ඉහළ නැංවීමටත් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිතකිරිමටත් සෑම අයුරකින්ම සහාය දෙන බව කොළඹ පිහිටි මෙරට යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 
 
මැයි මස 3 වැනි දිනට යෙදී තිබෙන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ඒ බව සඳහන් යුරෝපා සංගමය ජනමාධ්‍යයේ ගුණාත්මකභාවය, මහජන තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අවස්ථාව සහ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කිරීම ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති රැසකට ද මූල්‍ය අරමුදල් සපයා ඇතැයි සඳහන් කරයි. 
 
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම සුරක්ෂිත කිරීම සඳහා මාධ්‍යයේ කාර්යභාරය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලධර්ම සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුරෝපා සංගමය දැනටමත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ව්‍යාපාරය එක්ව විවිධ වැඩසටහන් දියත් කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.