
පින්ලන්තය ලබාදෙන ආධාර වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය පිර්කෝ මතිලා මහත්මිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. කිසියම් රෝගියෙකුගේ ඩි.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමෙි ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරිම පිළිබඳව ද මෙහිදී සාකචිඡා කෙරුනි. ඒ සදහා ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ට පුහුණුවක් දීමට පින්ලන්ත රජය එකඟත්වය පළ කළේය.
පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික වෙළෙද ප්‍රජාව වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රැන්ඩි හෝටලයේ දී අද (28) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිදරව් කෙරිණ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

