ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවා නංවන්න ජපානයෙන් අතහිත


ශ්‍රී ලංකාවේ  ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ශීතාගාරදාම පද්ධතිය දියුණු කිරීමට ජපාන රජය ඇමෙරිකා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ජපාන රජය යුනිසෙෆ් සංවිධානය හරහා එම මුදල ලබා දී ඇති අතර ශීතකාමර, අයිස් අස්තරණය සහිත ශීතකරණ හා එන්නත් ප්‍රවාහන ආම්පන්න ඇතුළු ශීතාගාරදාම උපකරණ සම්පාදනය සඳහා එය යොදා ගනු ඇතැයි ජපාන තානාපති කාර්යාල කියයි.