ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට


 ( දිල්රුක්ෂි ග්‍රේරු) 

කොරෝනා අසාදිත තවත්   පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23)  තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.

ඊයේ රාත්‍රියේදී රෝගීන්  සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23)  ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ. 

මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලංකාවෙන් හමු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.

අද(23)  උදෑසන වන විට අසාදිත  පුද්ගලයන් 87 දෙනෙකු  හඳුනාගෙන තිබිණි.

කොරෝනා අසාදිත වූ පළමු පුද්ගලයා සුවය ලබා අද (23)  අයි ඩී එච් රෝහලෙන් පිටව ගොස් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.