ශ්‍රී ලංකාවටත් භූ තාප විදුලි බලාගාරයක්


(සෙනරත් බණ්ඩාර)

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට  භූතාප  විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සැලසුම් දත්ත  සිතියම් සකස්කොට ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ පිටාධිපති  මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිකුණාමලයේ සිට පුස්සන්ගොඩ දක්වා එම භූ තාප බලාගාරය සිතියම් ගතකොට ඇති අතර පිලිපීනය බ්‍රසීලය ආර්ජන්ටිනාව ඉන්දුනීසියාව  භූතානය  චීනය  වැනි රටවල් මේ ආකාරයෙන් සාර්ථකව විදුලිය නිෂ්පාදනය කරගෙන යන රටවල් වශයෙන් පෙන්වා දිය හැකි බවත් ඔහු කීය.

 
භූ විද්‍යා දෙපාර්මේන්තුවේ  විද්‍යාඥන් 1990 සිට මෙහි පර්යේෂණ ආරම්භ කර ඇති අතර 2008 වසරේදී මහාචාර්යවරයා සමග ප්‍රධාන කණ්ඩායමක් මෙහි ඉදිරි පර්යේෂණ පිළිබඳව ගවේෂණ සිතියම් සකස් කර ඇත. යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශයේදී පර්යේෂණ කටයුතු කරගෙන යෑමට හැකි වූ බවත් මේ වන විට සාර්ථකව සැලසුම් සකස් කර ඇති බවත් කියති. 
ලොව ඇති භූතාපය පිළිබද මුලස්ථානය වන ජර්මනියේ Bochymcmn විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රැක් රෝෆ්  මහතාගේ පරේෂණ අනුව එය සනාත කර ඇති බවද අතුල සේනාරත්න මහාචාර්යවරයා ප්‍රකාශ කරයි. 
අප්‍රේල් මාසයේ මෙහි අවසාන වාර්තාව සකස්කිරීම නියමිතව පවතින බවත් ඉන් පසුව පුද්ගලික අංශවල ආධාර යටතේ මෙය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය.

සැලසුම් සකස් කර  ඇති නැගෙනහිර දකුණ යන ප්‍රදේශයන්හි පොළොවේ උෂ්ණත්වය මීටර් සියයෙන් සියයට වර්ධනයව ඇති බවත් මීටර් 160 උෂ්ණත්වය සෙලසියස් අංශක 200 පවතින අතර මීටර් 600ක් පොළොව හෑරිම සිදුකරන බවත් ප්‍රකශ කළ මහාචාර්යවරයා රටේ පවතින විදුලි අර්බුදයන්ට මෙය මහගු විසදුමක් බවත් එය පේරාදෙණිය  විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සහ  එහි  මහාචාර්ය ආචාර්යවරුන්ගේ  උත්සාහයේ ප්‍රතිපලයක් බවත් කීවේය.